කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා පවසයි.
පොලිස් විශේෂ කාර්යය බලකාය ඇතුළු අතිරේක භට පිරිස් යොදවා ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට කටයුතු යොදා ඇති බව ඔහු පෙන්වාදෙයි.
ග්‍රෑන්ඩ්පාස් කොස් ගස්හන්දිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ගැටුමක් හටගත් අතර එහිදි පුද්ගලයින් 8 දෙනෙකුට පමණ සුළු තුවාල සිදුවිය.
පොලීසිය මැදිහත්ව තත්ත්වය සමතයකට පත්කර තිබියදී ඇතැම් පිරිස් ඒ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සදහන් කළේය.
මෙම සිද්ධියත් සමග ඇතැමුන් නොමග යවන සුළු ප්‍රකාශ කරන බවත් ඇතැම් අන්තර්ජාල වාර්තා එම සිද්ධිය වැරදී ලෙස පළකර ඇති බවත් හෙතෙම කීවේය.
ඒ අනූව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය දුරදිග යාමට නොදී සංසිඳවීමට කටයුතු කළ බවත් ගැටුම්කාරී තත්ත්වයකට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගත යුතු බවත් ඔහු පැවසීය.
යුද්ධයෙන් පීඩාවට පත්වූ රටක් ලෙස ලබාගත් සාමයේ ප්‍රතිඵල බුක්ති විඳීමට ඉඩ ඇති අවස්ථාවක ආගමික මතවාද නිසා ගැටුම් ඇතිකර නොගත යුතු බව ඔහු පෙන්වාදුන්නේය.
මෙවන් අවස්ථාවලදී ජනතාව බුද්ධිමත්ව ක්‍රියාකිරීමේ වැදගත්කම ද පොලිස්පතිවරයා අවධාරණය කර සිටියේය.

Post a Comment