Home » » ගැනුම්කරුට බිරිඳ දීලා

ගැනුම්කරුට බිරිඳ දීලා

Written By Unknown on Monday, August 12, 2013 | 3:35 AM

ගණිකා නිවාස රටේ තැන් තැන්වල තිබෙන බවටත්, ඒ බොහොමයක් පොලිස් දැලට අසුවන බවටත් පුවත් නිතර අසන්නට ලැබේ. 

හපුතලේ, බෙරගල, බත්ගොඩ ප්‍රදේශයේද නිවසක එක්තරා පුද්ගලයෙක් කලක සිට ගණිකා ව්‍යාපාරයක් පවත්වා ගෙන යමින් සිටින බවට දියතලාව පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

ගැණුම්කරුවන්ට සේවය සපයන කාන්තාවන් රැසක්ම නිවසේ පසුවන බවට කරුණු අනාවරණය කොට ගත් පොලිසිය මෙම නිවස වැටලීම සඳහා පිඹුරුපත් සැකසුවේ මේ අතරය.

‍ඊයේ (11) උදෑසන ගැනුම්කරුවෙක් නිවසට ආවේ කාන්තාවකගෙන් මනදොළ සනසා ගන්නටය. එහෙත්,ඉරිදා දිනයක් හෙයින් ඒ වන විට ගණිකා වෘත්තියේ යෙදෙන කතුන් සියලු දෙනාම බැහැර ගොස් සිටියහ. 

අලුත් සේවාදායකයාට දෙන්නට කාන්තාවක් නොසිටීම හේතුවෙන් ජාවාරම්කරු තැවුලට පත්විය. කාන්තාවක් විකුණා ලැබෙන මුදල නොලැබීමේ තැවුලත්, අලුත් ගණුදෙනුකරුවෙකු අහිමි වෙතැයි යන තැවුලත් ඔහු තුළ විය. 

අතට ආ වාසිය අහිමි කර ගැනීමට මේ ජාවාරම්කරුට සිත් දුන්නේ නැත. 
අන්තිමේදී හිමිකරු තිරණයක් ගත්තේය. ඒ සිය බිරිඳගේ සිරුරේ පහස අලුත් ගණුදෙනුකරුට දීමේ තීරණයයි.

බිරිඳ ද ඊට එක පයින් එකඟ වූවාය. ඒ අනුව සිය බිරිඳ ගැණුම්කරුට විකිණීමට යන විට දියතලාව පොලිසියේ නිලධාරින් නිවසට කඩා පැන්නාහ. 

ඒ මොහොතේම ඔහුගේ සහ බිරිඳගේ දෑතට මාංචු වැටෙද්දී පැමිණි ගැණුම්කරුවා පොලිස් උපාය දූතයෙකු බව ගෙහිමියා වටහා ගත්තේය. 
මේ වනවිට බිරිඳ සහ සැමියා පොලිස් අත්අඩංගුවේ පසුවන අතර අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
Share this article :

+ comments + 1 comments

August 12, 2013 at 4:51 AM

patta...pata..pata..

Post a Comment