ඒ ගැන ඔවුන් දෙදෙනා දක්වන අදහස්...
මහේෂි මධුසංඛා සහ මේනකා මධුවන්ති මේ දවස්වල අපට හමුවන්නේ “චායා” ටෙලිනාට්‍ය තුළින්.
සුජීව ප්‍රසන්නගේ “චායා” නවකතාව ඇසුරින් නිල්වලා ආයතනය නිෂ්පාදනය කළ සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කළ “චායා” සතියේ දින පහේම රාත්‍රි සිරස නාලිකාව ඔස්සේ විකාශය වෙනවා.
ටෙලි නාට්‍යයේ හැටියට මහේෂියි මේනකයි දෙන්නා වෛරක්කාරියෝ දෙන්නෙක්. දෙන්නම විශ්ව කොඩිකාරට ආදරය කරන හින්දයි මේ දෙන්නගෙ අමනාපයට හේතුව.
සැබෑ ජීවිතයේ දී මහේෂියි මේනකයි අතර විරසකයන් ඇති වී ඇති බව අපට ආරංචි වුණා. ඒ විරසකයට හේතු වෙලා තියෙන්නෙ නම් විශ්ව නමෛයි. සමීර කිඳෙල්පිටිය කියන වේශ නිරූපණ ශිල්පියා.
මේ ආරවුල දුර දිග ගිහින් වේශ නිරූපණ ශිල්පියාව නාට්‍යයෙන් ඉවත් කරලාලු. මේ අවුලෙ සුල මුල දැනගන්න අපි මේ හැමෝටම කතා කළා. මේනකාට අඩු සැලකිලි දක්වලා තමන්ට වැඩි සැලකිල්ලක් දක්වන ලෙසට මහේෂි වේශ නිරූපණ ශිල්පියාට බලපෑම් කළාලු.
එසේ නොකිරීම හින්දා මහේෂි තමන් සමග ගැටුණු බවත් ඒ නිසා තම රැකියාව අහිමි වූ බවත් වේශ නිරූපණ ශිල්පී සමීර පවසනවා. අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා පවසන්නේ සමීර තමන්ගේ වෘත්තිය හරියටම නොකිරීම හින්දා ඔහුව ඉවත් කළ බව.
නමුත් දර්ශන තලයේදී මහේෂි හා මේනකා අතර සීතල යුද්ධයක් තිබුණද කියා විමසන විට ඔහු පවසන්නේ තමා ඒ ගැන අවධානය යොමු නොකළ බවයි. මහේෂියි මේනකයි තම තමාගේ රඟපෑම් හරියට කළ හින්දා දෙදෙනාගේ පෞද්ගලික ප්‍රශ්න තමන්ට අදාළ නැති බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.
ඒ සිදුවීම ගැන මහේෂි අදහස් දක්වන්නේ මේ විදියට.
චායා’ දර්ශන තලයේ දී ඔබ සහ මේනකා අතර ගැටුමක් ඇති වුණාද?
මම ගැටුම් ඇතිකරගන්නා කෙනෙක් නමෛයි. අනික මම මොකටද ගැටුම් ඇතිකරගන්නේ. ඒ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය මම. මේ කෙටි කාලය තුළ මට කලා ක්‍ෂේත්‍රය තුළ අවස්ථා ගොඩක් ලැබිල තියෙනවා.
ඒ හැමදේම මගෙ රූපය සහ දක්ෂතා මත ලැබුණු දේවල් මිසක් වෙනත් ක්‍රම මගින් ලබාගත් දේවල් නමෛයි. ඒ හින්දා කිසිම නිළියක් සමග ගැටිලා යමක් ලබාගන්න මට අවශ්‍ය නැහැ.
මේනකයි මහේෂියි මිතුරියොද?
නැහැ.
ඒ කියන්නේ ඔය දෙන්න අමනාපයි කියන එකනේ?
මම මිතුරෙක් මිතුරියක් විදියට ඇසුරු කරන්නේ මට ගැළපෙන අය. මට මිතුරු මිතුරියෝ ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඒ වුණත් රඟ පාන්න ගියාම අපිට විවිධාකාර මට්ටම්වල අයත් එක්ක වැඩ කරන්න වනවා.
අධ්‍යක්ෂවරයාගේ පටන් නළු නිළියෝ වගේම කාර්මික ශිල්පීන් සමග පවා කතා බහ කරලා අදාළ රාජකාරිය කරන්න වෙනවා. ඒ විදියට එකට වැඩ කළ පමණින් යාළුවෙක් කියන වචනය යොදන්න බැහැනේ. මේනකයි මමයි එකම ටෙලිනාට්‍යයක රඟපානවා. අපි අපිට අයිති රාජකාරිය කරනවා. එච්චරයි.
චායා ටෙලි නාට්‍යයේ වේශ නිරූපණ ශිල්පියා ඉවත් කිරීමට හේතුව කුමක්ද?
ඒක ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදන අංශයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්.
වේශ නිරූපණ ශිල්පියාව ටෙලි නාට්‍යයෙන් ඉවත් කළේ නැතිනම් ඔබ ඉවත්වන බව තරයේ සඳහන් කළ නිසා ඔහුව ටෙලි නාට්‍යයෙන් ඉවත් කෙරුණු බව ආරංචි මාර්ග පවසනවා.
ඒක සම්පූර්ණ බොරු කතාවක්. මම කිසිම අවස්ථාවක ඒ විදියේ බලපෑමක් කරලා නැහැ. මහේෂි ඒ විදියට පැවසුවා.
අපි සිදුවීම ගැන අහන්න මේනකාට කතා කළා. මේ ඇගේ අදහස්.
“චායා” ටෙලිනාට්‍යයෙන් වේශ නිරූපණ ශිල්පියා ඉවත්කිරීමට ඔබ හා මහේෂි අතර ගැටුමක් බලපෑවාද?
වේශ නිරූපණ ශිල්පියාව ටෙලි නාට්‍යයෙන් ඉවත් කළේ ඇයි කියලා මම කිසිම දෙයක් දන්නෙ නැහැ.
මහේෂියි ඔබයි අතර “චායා” දර්ශන තලයේ දි අර්බුද ඇතිවුණාද?
මේ ක්‍ෂේත්‍රයේ විවිධාකාර අය ඉන්නවා. ඒ අය කරන කියන දේ විවිධයි. ඒ විදියේ අයගෙ විවිධ ප්‍රතිචාර මට ලැබිල තියෙනවා. සමහරු මං ගැන කී දේවල් මට ආරංචි වෙලා තියෙනවා.
තවත් සමහරු මගෙ කන්දෙකට ඇහෙන්න කී දේවල් තුළින් සිත රිදුණු අවස්ථා තියෙනවා. ඒත් මම ඒ කිසිම කෙනෙකුට කතා කරලා. ‘ඇයි ඔයා මට මෙහෙම කියන්නේ’ කියලා අහන්න යන්නෙ නැහැ.
ඒකෙන් වෙන්නේ ගැටුම් ඇතිවීම. මම ඔය හැම ප්‍රතිචාරයක්ම නිහඬව විඳ දරා ගන්න කෙනෙක්. ඒ හිංදා මම කිසිම දාක කිසිම කෙනෙක් එක්ක අර්බුද ඇතිකරගෙන නැහැ.
මහේෂි මධුසංඛා සහ මේනකා මධුවන්ති අතර අමනාපයක් තියෙනවද?
අමනාපයකුත් නැහැ, හැබැයි මනාපයකුත් නැහැ
පැහැදිලි නැති පිළිතුරක්නේ...?
අමනාපයක් තියෙන්නේ හතුරෙක් එක්ක. එයා මගෙ හතුරෙක් නමෛයි. මනාපයක් ඇතිවන්නේ යාළුවෙක් එක්ක. එයා මගෙ යාළුවෙකුත් නමෛයි.
සමීරගේ රැකියාව ඔහුට අහිමි වීමට හේතුව ඔබයි මහේෂියි අතර ගැටුම බවට කටකතා පැතිර යාම ගැන මොකද කියන්න තියෙන්නේ?
මම දර්ශන තලයෙදි මගෙ කොටස කරල පාඩුවේ ඉන්න කෙනෙක්. මම බලෙන් ගැටුම් ඇති කර ගෙනත් නැහැ කවුරුහරි මා එක්ක ගැටෙන්න ආවත් නිහඬව විඳ දරා ගන්නවා.
ඔය කටකතාව පැතිරීම මට ප්‍රශ්නයක් නමෛයි. මොකද සමීර අයියා මට වරදක් කියන්නේ නැහැ. ඔහු දන්නවා මගෙන් ඔහුට වරදක් වෙලා නැති බව.

Post a Comment