Home » » හිටපු ඇමති ද.මුගේ සොයුරා අබිරහස් ලෙස මියගිහින්

හිටපු ඇමති ද.මුගේ සොයුරා අබිරහස් ලෙස මියගිහින්

Written By Unknown on Monday, August 12, 2013 | 3:37 AM

හිටපු අමාත්‍යවරයෙකු වු දිවංගත ද.මු.දසනායක මහතාගේ සොහොයුරෙකු වු වීරසේන දිසානායක (51) යන අය අද (12) අභිරහස් ලෙස මිය ගොස් ඇති බව පල්ලම පොලීසිය කියයි. 

ආඩිගම - පෙරියමඩුව ආදාහේන වත්තේ පදිංචිව සිටි වීරසේන මහතා දෙදරු පියෙකි. අළුයම වීරසේන මහතාගේ මළ සිරුර ආදාහේන වත්තේ පිටුපස තිබී ඥාතීන් විසින් සොයා ගෙන ඇත. 

මළ සිරුර අසල ජංගම දුරකථනයක් සහ සෙරප්පු දෙකක්ද තිබී හමුවී ඇත. මෙම මරණය කුමන හේතුවක් මත සිදුවී ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව පල්ලම පොලීසිය කියයි. වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
Share this article :

Post a Comment